Wednesday, May 01, 2024
Follow Us
Handmade

වස ගානේ අපි මුළුතැන්ගෙයින් ඉවතලන පොල් කටු නිර්මාණ කරා යොදවන්නට නැමෙන සිතත් හරිම පොහොසත්.

Handmade

කාන්තා ඔබේ දෑත් නිර්මාණශීලී ය. ඒ නිර්මාණශීලීත්වය ඔප් නංවන්නට අපි ද ඔබට රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණයක් මෙලෙස ගෙන එන්නෙමු. වරලස මලින් සරසන ලද මේ අපූරු යුවතිය බිත්ති සැරසිල්ලක් හැඩකරන්න.

කුෂන් කවරයට පමණක් නොව ඔබේ හිත මිතුරකු වෙනුවෙන් තිළිණ කරන්න වගේම ඔබේ විසිත්ත කාමරය හැඩ කරන්නත් අපූරුයි. රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් මේ අත්කම ඉතා පහසුවෙන් ඔබටත් දැන් නිර්මාණය කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

18 45

කළු, නිල්, සුදු, රෝස, ක්‍රීම්, රතු පැහැ ෆැබ්රික් වර්ණ

නො. 0, 01, 02, 03 ෆ්ලැට් පින්සල්

ලිනන් රෙදි

ටේලරින් කාබන්

වෙළෙඳපොළෙන් මිල දී ගත් කෘත්‍රිම කොණ්ඩ ( විග්)

නො. 18 - 22 ට්‍රැපැස්ට්‍රි ඉඳිකටු

එම්බ්‍රොයිඩරි කතුරක්

එම්බ්‍රොයිඩරි රාමුවක්

මැජෙන්ටා, රෝස, සුදු, ඔලිව් ග්‍රීන් සහ ඩාර්ක් ග්‍රීන් බේබි රිබන්

නිර්මාණය කරගන්නා ආකාරය

පළමුව සෝදා මැදගත් ලිනන් රෙද්ද මත ටේලරින් කාබන් තබා රූපයේ ඇති යුවතියගේ මුහුණ පිටපත් කරගන්න. ඉන්පසු යුවතියගේ මුහුණ සඳහා ක්‍රීම් සහ සුදු වර්ණ මිශ්‍රකරමින් වර්ණ ගන්වා අවශ්‍ය තැන් සඳහා රෝස මිශ්‍ර කරගන්න.

දැන් රූපයේ දක්වා ඇති පරිදි යුවතියගේ ඇස් සහ තොල් ද වර්ණ ගන්වා හොඳින් වියළා ගන්න. ඉන්පසු හෙයා විග් එක ගෙන රූපයේ පරිදි අවශ්‍ය තැන් වලට හිසකෙස් තබා ස්වභාවිකත්වයක් ලැබෙන ආකාරයට සකසා නූල් භාවිත කර රෙද්දට සවිවන සේ මසා ගන්න.

දැන් යුවතියගේ හිස සරසන මල් මසා ගත යුතුයි. ඒ සඳහා මැජන්ටා වර්ණයෙන් ස්ට්‍රෙච් ස්ටිච් දෙකක් දමමින් පෙති මැසීම ආරම්භ කරන්න. ඉන්පසු ලා රෝස පාටින් පෙති දෙකකුත්, සුදු පාටින් පෙති දෙකකුත් ලෙස මල මසා ගන්න. ඒ ආකාරයට මල මසාගත් පසු තැඹිලි හෝ ගෝල්ඩන් යෙලෝ කපු කැරලි නූල්වලින් ලූප් ෆ්‍රෙන්ච් නොට්ස් 2 -3ක් දමමින් මලේ රේණු මසා ගන්න. ඉන්පසු ඔලිව් ග්‍රීන් සහ ඩාර්ක් ග්‍රීන් රිබන් භාවිත කරමින් ස්ට්‍රෙච් ස්ටිච් ක්‍රමය භාවිතයෙන් කොළ මසා ගන්න. අවසානයේ සමනලුන් මැසීම සඳහා සුදු රිබන් භාවිතකර එක් පැත්තකට ලූප් ස්ටිච් 2ක් මසා ගන්න. අනෙක් පසට ද එලෙසම ලූප් ස්ටිච් 2ක් මසා පිහාටු ලෙස 3D ආකාරයට ලූප්ස් ලිහිල්ව මසා ගන්න. ඉන්පසු සමනලයාගේ ඉතිරි කොටස් ටික රූපයේ ආකාරයට කළු නූලෙන් මසා අවසන් කරන්න.

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා හා මෝස්තර නිර්මාණ ශිල්පිනී

යමුනා විජේමාන්න

Tharunie 

Handmade

ළඟ එන නව වසරේ පාසල් යන අපේ දූ දරුවන්ට පාසල් බෑගයක් නිවසේදීම මසා ගත හැකි අයුරු අපි අද ඔබට ඉදිරිපත් කරමු. අද වන විට දරුවෙකුට පාසල් බෑගයක් වෙළඳ පළෙන් මිලදී ගැනීම දෙමව්පියන්ට අසීරු තාවයක් වී තිබෙනවා. ඒ පාසල් බෑග් එකේ මිල පුදුමාකාර විදියට ඉහළ ගොස්. ඒත් ඉතින් එහෙම කියලා දරුවෙකුට නව පාසල් වාරයට අලුතින් බෑග් එකක් අරන් නොදෙන්නෙ නැහැනෙ. සෑම මව්පියෙක් ම තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න දේවල් වලට කිසිදු අඩුපාඩුවක් කරන්නේ නැහැ. කොහොමහරි පොත් පැන්සල් බෑගය අරන් දෙනවා. ඉතින් ඒ අතර මේ බෑග් එක ඔබට මහල දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් කෙතරම් අගනේ ද?

Handmade

හැමදේම මිල ගණන් මේ කාලේ ඔබේ දෑතේ නිර්මාණශීලී හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකිනම් කෙතරම් අගනේ ද. ඒ විතරක් ද සාප්පුවෙන් සල්ලි දීලා ගන්නා යමකට වඩා ඔබේ අතින්ම නිමවන නිර්මාණයකින් නිවෙස අලංකාර කරන්න ලැබුණම කෙතරම් සතුටු ද?

Handmade

ආදරණීය සුපෙම්වතුන්ගේ සුවිශේෂී දිනය, වැලන්ටයින් දිනය තවත් නොබෝ දිනකින්ම උදාවෙනවා.

Handmade

සීතල උඳුවප් මාසයේ හදවත උණුසුම් වෙන්න ආදරණීයන්ට ඔයාගෙ අතින්ම නත්තල් කාඩ්පතක් හදලා දෙන්න.

Handmade

පෙබරවාරි නැත්නම් නවම් මාසය ආදරණීය හදවත්වලට හිමි මාසයයි.

Handmade

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි.

Handmade

මිතුරන්ගේ උපන් දිනයට පුදුම හිතෙන තෑග්ගක්

Handmade

කතිර රටා, එම්බ්‍රොයිඩරි, පැච්වර්ක් ආදී විවිධ මැහුම්, ගෙතුම්, අත්කම්වලින් සකසා ගන්නා නෙත පිනවන සොඳුරු නිර්මාණවලින් නිවෙසට කදිම කලඑළියක් ගෙන දෙන්නට අපේ ගෘහණියන් දක්ෂයි.

Handmade

ගෙදර සිඟිත්තියක් ඉන්නවා කියන්නේ මුළු පවුලටම සිරියාවක්.

Handmade

අසිරිමත් නත්තල උදා වෙන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ඒ වෙනුවෙන් ඔබ දැනටමත් නිවෙස සූදානම් කරනවා ඇති. ඉතිං නත්තල් සැරසිලිවලින් නිවෙස හැඩ කරන ඔබට අඩු වියදමකින් හදාගන්න පහසු පුංචි බිත්ති සැරසිල්ලක් ගැනයි අද කියන්න යන්නේ. බිත්ති සැරසිල්ලකට වගේම දොර සැරසිල්ලක් විදිහටත් මේ නත්තල් සීනුව යොදා ගන්න පුළුවන්.

Handmade

සුදු පාටින් පිපී හිනැහෙන ඩේසි මල් කුමරියන් මැදිකර ගත් නෙක වර්ණ ඩේසි මලින් පිරි බඳුනක අපූර්වත්වයයි මේ.

Handmade

හැමදාම දකින දේ වෙනස්ම ආරක සුන්දරත්වයක් ගත්තාම ඇසට ප්‍රියයි. සිතත් නිරතුරුව ප්‍රීතියෙන්. ඉතින් අපි අද පැච්වර්ක් (Patch Work) කලාවේ සුන්දර නිර්මාණයක් ඉගෙන ගනිමු.

Handmade

පොඩි දරුවන්ගේ පාසල් සපත්තු ජෝඩුවක් වුණත් දැන් රුපියල් හාරදාහටත් වැඩියි. ලොකු අයගේ සපත්තු මිලත් අහසා උසට ඉහළ ගිහින්. ඉතින් කවුරුත් පාහේ මේ කාලේ සිතන්නේ අලුතින් ගන්නවාට වඩා සපත්තු, සෙරෙප්පු අලුත්වැඩියා කරගන්නයි. අඩියක් ගහගන්න නැතිනම් කැඩුණු, ඉරුණු තැන් මසා නිම කරගෙන කාර්යාලයට, සාප්පු සවාරියට එහෙමත් පලඳින්න දැන් බොහෝ දෙනෙක් දෙවරක් සිතන්නේ නම් නැහැ.

Handmade

හරි ලස්සන බබාලා. හුරුබුහුටිකම වෑහෙන මේ බබාලට ආදරේ නොහිතෙන හිතක් තියේවිද?

Handmade

හැමදේම මිල ගණන් මේ කාලේ ඔබේ දෑතේ නිර්මාණශීලි හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකිනම් කෙතරම් අගනේ ද. රිබන් එම්බ්‍රොයිඩරි, පැච්වර්ක්, ෆැබිරික් පේන්ටින් වැනි කලාවන් අතර ගෙතුම් කලාවට ද අපේ කාන්තාවන් ප්‍රියතාවයක් දක්වන්නේ එයින්  නිර්මාණත්මක ගෙතුමක් ලැබෙන අතරම සිත භාවනාවකට යොමු වුණා සේ දැනෙන හැඟීමටයි.

Handmade

අපේ ගැමි වහරේ අපූරු කියමනක් තිබෙනවා. "අතපය හෙල්ලුවොත් තමයි කට හොල්ලන්න පුළුවන් වෙන්නේ" කියලා. අපට ටිකක් මහන්සි වුණොත් ඇත්තටම හොඳට මුදල් සොයන්න පුළුවන්. උදාහරණයකට අපේ රටේ එළවළු පලතුරු වගාවෙන් කොයිතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද? මේ එළවළු අපතේ යන ප්‍රමාණය ප්‍රයෝජනයට ගත්තොත් ලොකු මුදලක් සොයන්න අපට පුළුවන්. හැබැයි එහෙම හිතන අය බොහොම අඩුයි. කොස් වාරයට ගස් යට කොස් කුණු වේවි වැටිලා යනවා. අඹ වාරයට අඹ ඕනේ තරම්, කහ වගා අස්වැන්න ගන්න කාලයට කහ මිල හරිම අඩුයි.