Wednesday, May 01, 2024
Follow Us
පොඩ්ඩන්ට අපූරු අත්කම් නිර්මාණ

පොඩ්ඩන්ට අපූරු අත්කම් නිර්මාණ කිහිපයක් පහතින් ඉදිරිපත් තිබේ

 

හා පැංචා

හාවා කියන්නේ පුංචි බබාලා ආස කරන සුරතලෙක්. ඒ නිසාමයි ඇතැම් ගෙවල්වල සුරතලයට හාවුන් ඇති කරන්නේත්. ඉතිං මේ වගේ අත්කමක් බබාලා ඉතාම උනන්දුවෙන් හදයි. ඉතිං ඔබ පොඩ්ඩවත් එකතුකරගෙන මේ අත්කම හදන්න.

පළමුව රූප සටහනේ පෙන්වා දී ඇති කොටස් සියල්ල A4 කඩදාසි මත ඇද කපා ගන්න. හා පැංචාගේ ඇඟ තිබෙන කොටස් දෙක රවුම්කර අලවා ගන්න. පසුව දිගින් අඩු කොටස උඩට සිටින සේ අලවා ගන්න. පසුව කන් සඳහා අවශ්‍ය කොටස් කපා සුදු වර්ණයෙන් තිබෙන කොටස් දෙක අනෙකේ හරි මැදින් අලවා එම කොටස උඩ රවුමට තබා අලවා ගන්න. කකුල් කොටස් දෙක ද යට රවුමට තබා අලවාගන්න. පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට ඇස් දෙක, කට හා රැවුල පෙන්වීම සඳහා කළු පෑනකින් රූපයේ පෙනෙන පරිදි රැවුල ඇදගන්න. රූප සටහන දෙස හොඳින් බැලූ විට මෙය පහසුවෙන් නිර්මාණය කරගත හැකිය.

---------------------

බකමූණු යාළුවව මෙහෙම හදමු

බකමූණාට දරුවන් ප්‍රිය නැති වුණත් මේ විදිහට හුරුබුහුටි පෙනුමකින් යුතුව නිර්මාණය කළොත්, පොඩ්ඩන් ආස සතුන් අතරට බකමූණාවත් එකතු කරගන්න පුළුවන්.

කොළ පැහැ A4 යොදාගෙන මේ බකමූණා හදන්න හරිම පහසුයි. ඔයාගේ බබා කැමැති වෙනත් වර්ණයකට නම් වෙනත් වර්ණයකින් වුවත් නිර්මාණය කරගන්න පුළුවන්.

ඉතිං මේ බකමුණා නිර්මාණය කරගන්න නම් මුලින්ම

දී ඇති රූප සටහන් සියල්ල A4 කඩදාසි මත ඇද කපාගන්න ඕනේ. ඇඟ කොටසෙහි පටිය ගෙන කන් කොටස් දෙක උඩට සිටින සේ රවුම්කර අලවා ගන්න. කකුල් දෙක යටට තබා අලවා ගන්න. තටු දෙක ද දෙපැත්තේ ඇතුළට වනලෙස තබා අලවා ගන්න. නහය සහ ඇස්වලට පොඩි රවුම් කපා අලවා ගන්න. පින්තූරයේ පෙන්වා දී ඇති ආකාරයට කට ඇඳ ගන්න.

Tharunie