A total of 94% of the principals, 90% teachers, and 46% of students were present in schools yesterday, the Education Ministry said.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදීයි.
මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන තත්ත්වයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගල ධූරාවලියේ 05 වන ස්ථානය හිමිවන විපක්ෂ නායකධූරය, කැබිනට් අමාත්‍යධූර, ෆීල්ඩ් මාර්ෂල් ධූරය හා සම තැනක් මහ බැංකු අධිපතිවරයාට හිමිවනු ඇති.
The Government yesterday kicked off the nationwide rollout of LANKAQR, a key initiative to popularise digital payments as opposed to using cash.
පසුගිය කාලසීමාවේදී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී විවෘත වෙළඳපලේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට රජය කටයුතු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (25) පැවැත්විණි.
කොරෝනා මර්දන ක්‍රියාවලියට දායකත්වය ලබාදෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ට එම මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
A private-sector project to construct a formula one racing track in Hambantota is under discussion with some international investors having shown interest, but the project is yet to be finalized, the Daily Mirror learns.
බියකින් තොරව නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යංශය ගොවි ජනතාවට දැනුම් දෙනවා. එම දියර පොහොර භාවිතයෙන් යම් හානියක් සිදුවුවහොත් ඒ සඳහා ද වන්දි ලබාදීමට රජය සූදානම් බවයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ.
Page 280 of 647