කැබිනට් ඇමති කියන කතාව
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අද (26) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මහතා මෙරට සංචාරයක කිරීමේ අරමුණ කුමක් දැයි මාධ්‍යවේදියෙක් කළ විමසීමක දී අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.
අදානි මහතා මෙරටට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
(Aruna)