Thursday, February 19, 2026
Follow Us
ලොක්ඩවුන් නිසා රටට අහිමිවූ සුරාබදු ආදායම හෙළි වෙයි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදීයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160 ක් වුවද, පවතින තත්ත්වය හමුවේ ඊට ලගාවීම අපහසු බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු එම කරුණු අනාවරණ කර ඇත්තේ 2019 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යය සාධනය පිළිබඳ විමසා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඉකුත් දා රැස්වූ අවස්ථාවේදීයි.

(Neth)