Thursday, February 19, 2026
Follow Us
වෙළඳපලේ කටයුතුවලට මින්පසු බලපෑම් නැහැ - රජයෙන් ප්‍රකාශයක්

පසුගිය කාලසීමාවේදී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී විවෘත වෙළඳපලේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට රජය කටයුතු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීමට රජය ගත් පියවර සහ ඉන් අපේක්ෂිත අරමුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

(Neth)