Thursday, February 19, 2026
Follow Us
බූස්ටර් මාත්‍රාව දෙන පිළිවෙළ ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු කියයි

කොරෝනා මර්දන ක්‍රියාවලියට දායකත්වය ලබාදෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ට එම මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

වසර අවසානයේ සංචාරකයින් රැසක් දිවයිනට පැමිණීමට නියමිත බැවින් සංචාරක ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින්ට ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඉන් අනතුරුව මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය මහාචර්ය චන්න ජයසුමන සඳහන් කළා.

 

(Neth)