Thursday, February 19, 2026
Follow Us
ලංකාව වසංගතය පාලනය කල බව ට නිල වශයෙන් දැනුම් දෙයි

සුව ඇමැති ලක්වැසියන්ට සුබ ආරංචියක් දැනුම් දෙයි


ශ්‍රී ලංකාව බහු ආංගික උපාය මාර්ග ඔස්සේ ක්ෂය රෝගය පාලනය කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට කැපවී සිටින බව ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙරට නාගරික ජනතාව අතර යම් යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණු පා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වාර්ෂිකව මෙරටින් රෝගීන් 8,000ක් පමණ වාර්තා වන බව එහිදි පවසා තිබේ.

බන්ධනාගාර ගත වුවන්, වතුකර, නාගරික දිළිදු ජනතාව, අභ්‍යන්තර හා බාහිර ශ්‍රමිකයින් මෙහි අවදානම් කණ්ඩායම ලෙස හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)