Thursday, February 19, 2026
Follow Us
මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍යවරයෙකු හා සම තැන

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන තත්ත්වයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගල ධූරාවලියේ 05 වන ස්ථානය හිමිවන විපක්ෂ නායකධූරය, කැබිනට් අමාත්‍යධූර, ෆීල්ඩ් මාර්ෂල් ධූරය හා සම තැනක් මහ බැංකු අධිපතිවරයාට හිමිවනු ඇති.

මීට පෙර මහ බැංකු අධිපතිවරයාට හිමව තිබුණේ මෙරට පුද්ගල ධූරාවලියේ 20 වන ස්ථානයයි. එම ධූරාවලිය අනුව පළමු ස්ථානය ජනාධිපතිවරයාටත්, දෙවන ස්ථානය අග්‍රාමාත්‍යවරයාටත් හිමි වනවා.

කථානායකවරයාට පුද්ගල දූරාවලියේ තෙවන ස්ථානය හිමිවන අතර එහි සිව්වන ස්ථානය හිමිවන්නේ අගවිනිසුරුවරයා වෙතයි.

(Neth)