Monday, February 16, 2026
Follow Us
රාජ්‍ය ආයතනවල ඇති වාහන ගැන තීරණයක්

රජයේ වාහන ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ


අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි වාහන 4000ක් රාජ්‍ය ආයතන සතුව ඇති බව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

තවද රාජ්‍ය ආයතනවල අපහරණය කිරීමට ඇති වාහන සංඛ්‍යාව 5430ක් වෙයි. අපහරණය කළ යුතු වාහන මාස තුනක් තුළ අපහරණය කිරීමටත් අලුත්වැඩියා කළ හැකි වාහන කඩිනමින් අලුත්වැඩියා කිරීමටත් කටයුතු කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පොලිසිය, යුද, නාවික, ගුවන් හමුදාව. ජල සම්පාදන මණ්ඩලය, මහවැලි අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු මධ්‍යම රජයේ ආයතන දහ අටක සහ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මෙම වාහන ඇතුළත් වෙයි.

පසුගිය වසරේදී රාජ්‍ය ආයතන සතු වාහන අපහරණය කර රුපියල් මිලියන 27ක ආදායමක්ද ලබා තිබේ. කෙසේ වෙතත් 2020 වසරේ කළ සමීක්ෂණයකදී අලුත්වැඩියා කිරීමට හෝ අපහණය කිරීමට වාහන නොමැති බව වාර්තා කර ඇති ආයතන සංඛ්‍යාව 517කි.

(Aruna)