Monday, February 16, 2026
Follow Us
සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සූදානමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් තීරණය


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ පවතින ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ශිෂ්‍ය ධාරිතාවයෙන් යුතුව සියලුම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. මේ වනවිට 50%ක ධාරිතාවකින් යුතුව ශිෂ්‍යයන් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව හා විභාග, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු මෙන්ම නවක සිසුන් බඳවාගැනීම් කටයුතු මේ වනවිට විශ්වවිද්‍යාල තුළ සිදුකරමින් පවතින බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් පවසූවේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මේ වෙනවිටද 50%ක සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට ගෙන්වනවා කිව්වත් කිසිඳු විශ්වවිද්‍යාලයක එසේ ගෙන්වා නොමැති බවය.

(Aruna)