Monday, February 16, 2026
Follow Us
සුන්දරම අධිවේගී මාර්ග කොටස හෙට ජනතා අයිතියට

මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර හෙට (15) දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 40.91ක්.

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකෙරුණා.

මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබෙනවා.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර ඇති අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබෙනවා.

මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක්.

(Aruna)