Monday, February 16, 2026
Follow Us
ශ්‍රී ලංකා විදුහල්පති සේවය වෙනස් වෙයි

හදිසියේම නිකුත් කල ගැසට් නිවේදනය මෙන්න


ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවය මත එය නිකුත් කර ඇති අතර පසුගිය අගෝස්තු 30 වනදා සිට බලාත්මක වනු ඇත.

උසස් කිරීම්, පත් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

එක් එක් සේවාවට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳ අදාළ බළධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු වේ.

ගැසට් නිවේදනය මෙතනින් බලන්න

(Aruna)