Monday, February 16, 2026
Follow Us
පන්දහසේ මාසික දීමනාවට චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් පන් දහසේ මාසික දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි. මාසික වැටුප් ලබන ස්ථිර, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනමේ නිලධාරීන්ට, දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට අදාළ දීමනාව සදහා හිමිකම් පවතින බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන් සදහා එම දීමනාවට හිමිකමක් නොමැති බවද එම චක්‍රලේඛයේ දැක්වෙනවා. මහා භාණ්ඩාගාරයේ එකඟතාව ඇතිව එම චක්‍රලේඛය නිකුත් කරන බවද එහි වැඩිදුරටත් සදහන්.

(Neth)