1999 අංක 46 දරන ප්රජා පාදක විශෝධන පනත යටතේ සංචාරක අධිකරණ සහ මහේස්ත්රාත් අධිකරණ විසින් සුළු වරදකරුවන් වෙත ප්රජා පාදක විශෝධන ආඥා නියෝග ලබා දෙනු ලබයි.
ඒ අතරින් බහුතරයක් මත්ද්රව්ය හෝ මධ්යසාර සම්බන්ධයෙන් වරදකරුවන් වන අතර, ඔවුන් ඉන් මුදවා යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර සාමාජීය හා ආර්ථික වශයෙන් නගා සිටුවීම පිණිස ප්රජා පාදක විශෝධන ක්රියාවලියට යොමු කරනු ලබයි.
කෙසේ වුවද, ප්රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සතුව අධික ලෙස මත්ද්රව්යයන්ට ඇබ්බැහි වී වරදකරුවන් වූ පුද්ගලයින් සඳහා නේවාසික ප්රතිකාර ලබා දීමට අවශ්ය සුදුසු නේවාසික මධ්යස්ථාන ප්රමාණවත් සංඛ්යාවක් නොමැත. එමෙන්ම, එම දෙපාර්තමේන්තුව සතුව කිසිදු නේවාසික/අනේවාසික විශෝධන මධ්යස්ථානයක් ද නොපවතී.
එබැවින්, එම තත්ත්වය සැලකිල්ලට ගෙන, කැකිරාව ප්රදේශයේ හඳුනා ගනු ලැබ ඇති හෙක්ටයාර 1.33ක භූමියක අධිකරණ මඟින් යොමු කරන මත්ද්රව්ය සඳහා යොමු වූ නියෝගලාභීන් වෙනුවෙන් විශෝධන මධ්යස්ථානයක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 635ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.