Monday, August 10, 2026
Follow Us
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනය
තද සුළං සහ රළු මුහුදු ප්රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (10) නිකුත් කර තිබේ.

 

එම නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශ ආශ්රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ට වඩා වැඩි වන අතර, එම මුහුදු ප්රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්රජාවන්ට දැනුම් දෙයි.
මඩකලලුව සිට ත්රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්රදේශ විටින් විට රළු වේ.
එබැවින් මෙම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි.
මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන වෙස්ථාවලදිත් තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර ඒ අවස්ථාවලදී එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක්ද පවතී.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටි.