Tuesday, August 11, 2026
Follow Us
'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන 144ක් යළි ගොඩනැංවීමේ වැඩසටහන
 
'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී ඇත.

 

2026-04-27 සහ 2026-06-15 දිනැති අමාත්ය මණ්ඩල තීරණ පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 329.62ක් ඇතුළුව බුද්ධශාසන අරමුදල, මධ්යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 929.69ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පූජනීය ස්ථාන අතරින් පූජනීය ස්ථාන 256ක ප්රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගනු ලැබ ති‌බේ.
 
හානියට පත්ව ඇති ඉතිරි පූජනීය ස්ථාන අතරින් තවත් පූජනීය ස්ථාන 144ක් රුපියල් මිලියන 232.07ක ප්රතිපාදන යොදා ගනිමින් ප්රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.