'' පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්යාපෘතිය ' ක්රියාත්මක කිරීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-06-15 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, පවත්වනු ලැබ ඇති සාකච්ඡා මත පදනම්ව, අදාළ ණය පහසුකම යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී සාමාන්ය ප්රාග්ධන සම්පත් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් සහ නිත්ය සාමාන්ය ප්රාග්ධන සම්පත් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ලබා ගැනීමට නියමිතව තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් හානි වූ මාර්ග යටිතල පහසුකම් පුනරුත්ථාපනය හා ප්රතිසංස්කරණය කිරීම, හානි වූ වාරි මාර්ග පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ බලපෑමට ලක් වූ පවුල්වල ජීවනෝපාය සහ නිවාස යථා තත්ත්වයට පත් කිරීම යන ප්රධාන සංරචක 03 සඳහා එම ණය පහසුකම යොදා ගැනීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, එකී මූල්ය පහසුකම ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා අදාළ මූල්ය ගිවිසුම්වලට එළඹීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.