මෙරට තුළ පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති 'එල්නිනෝ' තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙන අතර ඒ සඳහා සුළු පරිමාණ පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ අරමුණින් පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.
එම වැඩසටහන යටතේ 2026 වසරේදී අක්කර 85,000ක් පමණ වන පොල් ඉඩම් ප්‍රමාණයක් ආවරණය කිරීමට ද, අඛණ්ඩව වසර 03ක කාලයක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කර ඇත.
ඒ අනුව, අක්කර 05ක් හෝ ඊට අඩු පොල් ඉඩම් හිමි සුළු පරිමාණ පොල් වගාකරුවන් වෙත පහත සඳහන් කාර්යයන් සඳහා වැය කරනු ලබන මුදලින් 65%ක උපරිමයකට යටත්ව දිරිගැන්වීම් ලබා දීමට කැබිනට් මණ්ලයේ අනුමැතිය ලැබී තිබේ.
පොල් වගාවට පොහොර සහ ඩොලමයිට් යොදා වසුන් කිරීම සඳහා එක් පොල් ගසකට රුපියල් 700/-ක උපරීම මුදලක් ගෙවනු ලබන අතර පොල් වගාවට ඩොලමයිට් යොදා වසුන් කිරීම සඳහා එක් පොල් ගසකට රුපියල් 200/- උපරීම මුදලයක් ද පොල් ඉඩමේ ජල සම්පාදනයට අක්කරයකට රුපියල් 50,000/-ක උපරීම මුදලක්ම ඒ අනුව ගෙනු ලැබේ.