අඩු ආදායම් ලාභී පවුල්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලබන පවුල් ඒකක ලක්ෂ 33 ක් සඳහා මැයි සිට ජූලි දක්වා අතිරේක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදුනොවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවත් සති දෙකක් ගත වන තෙක් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
Power and Energy Minister Kanchana Wijesekera said today that the Sri Lankan government has extended a credit line with India by $200 million in order to procure emergency fuel stocks.
පවතින භූමිතෙල් හිගය තවත් දින කිහිපයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේවනවිට බොරතෙල් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර එය ලබන සතිය තුළ නිදහස් කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියනයක ණය ආධාර මගින් වානේ ආනයනය කිරීමේ සූදානම් ඇති බවට සතිඅන්ත පුවත්පතක පළවූ පුවත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
There is no issue with the existing stock of fuel at the Ceylon Petroleum Corporation (CPC) until the next ship with fuel arrives, Power and Energy Minister Kanchana Wijesekera said.
මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය එළඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකදී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කම්කරු දිනයේදී සියලුදෙනා එක්ව පවතින අභියෝග ජයගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයින්ට තමන් නැවතත් ආරාධනය කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවුඩයේ දැක්වෙන්නේ.
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුනින් මෙතෙක් සතොස මගින් පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සුපිරි වෙළදසැල් හරහා ද ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, වෙළද හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ සුපිරි වෙළදසැල් ජාලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදීයි.
නිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, කරුණු 5 ක් යටතේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.
Page 189 of 638