Friday, February 13, 2026
Follow Us
බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා


විදුලිබල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති වෙනුවෙන් අනුමැතිය ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පුනර්ජනනීය බලශක්ති අධිකාරියට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයට පැමිණ එහි නිලධාරීන් සමග ඊයේ විශේෂ හමුවක් පවත්වා මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පවතින විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට, අඛණ්ඩව විදුලිය ලබාදීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීම පිළිබදව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.

Aruna