Friday, February 13, 2026
Follow Us
වරායේ ලොකු නිලධාරීන්ගේ වැටුපට කරන්න යන දේ

වරාය ඇමති වියදම් අවම කරන්න ගත් තීරණය


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ වියදම් සහ වරප්‍රසාද දීමනා ඇතුළු අනෙකුත් ආයතනික වියදම් අවම කළ යුතුව ඇතැයි වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් වරාය වෘත්තිය සමිති හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම අමාත්‍ය ධුරයේ පසුගියදා වැඩ භාරගැනීමෙන් අනතුරුව අදාළ වෘත්තිය සමිති සමග පැවැති ප්‍රථම හමුවේදීය.

ඒ අනුව ආයතනික වියදම් අවම කිරීම පිළිබඳ වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වූ තීරණයක් ගත යුතු බවද හෙතෙම එහිදී සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රට තුළ උද්ගතව ඇති තත්ත්වයත් සමග ජනතාවගේ අවශ්‍යතාව අවබෝධ කරගනිමින් සංවේදීව කටයුතු කිරීමට සේවකයන් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

(Aruna)