කලින් දින සහ වේලාවන් වෙන් කර ගත් පුද්ගලයින් සඳහා පමණක් එක්දින හා සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව www.immigration.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ 070 71 01 060 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන් කර ගත හැකියි.
කලින් දිනයක් හා වේලාවක් වෙන් කිරීමකින් තොරව පැමිණීමෙන් සේවා ලබාගැනීමට නොහැකිවීම හමුවේ ජනතාව අපහසුතාවට පත්විය හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)