පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් නිකුත් කර ඇත්තේ 26 සිට ක්‍රියාත්මක කරන ලෙසයි.
රජයේ කාර්යාලවලින් ජනතාවට සිදුවන මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. අත්‍යවශ්‍ය අවම නිලධාරීන් කැදවා එම සේවාවන් පවත්වාගෙන යාමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට චක්‍රලේඛයෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සාමාන්‍ය පරිදි සිදුවන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ වැඩිදුරටත් සදහන් කළේ.
Neth