අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඊයේ සිදුකළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වුණා. කෙසේවෙතත් අද දිනයේ නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ පැවසුවේ.
ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Finance Minister Ali Sabry said yesterday his office had started initial consultations on the increase of fiscal revenue from the present 8.5 percent of the Gross Domestic Product (GDP) to 13-14 percent.
ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියා තමන්ට විශ්වාස බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
පසුගිය අප්‍රේල් 19 වනදා පත්කෙරුණු කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථ සහ කාර්යයන් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
වර්ජනය හමුවේ පොදු ප්‍රවාහන සේවාවන්ට හානිකරන සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවලට බලපෑම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසට මේ වන විටත් පොලීසියට දැනුම් දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
Page 190 of 638