Friday, February 13, 2026
Follow Us
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පිලිබඳ ලැයිස්තුවක් සකස් කරන්නැයි අගමැති ගෙන් උපදෙස්

ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහා හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදෙනු ලැබුවා.

වර්තමාන ආර්ථික අර්බුදය හෙතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහා මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සකාච්ජා කිරීමට අගමැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය දි අද පැවැති සාකච්ඡා දි මේ බව සඳහන් කළා.

මිට අමතරව ඉන්දිය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුනු ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වටිනා ඖෂධ මිලදී ගැනීමට ඩොලර් නොමැති විම ඇති වු ගැටලුව නිසා රජයන් දෙක අතර සිදුකෙරනු සාකච්ඡා අනතුරුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට එකඟ වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

එමෙන්ම ප්‍රංශ රජය මගින් හෙට දිනයේ අධාර ලෙස ලබා දිමට නියමිත ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය නිසා දිවයිනේ සියලුම හදිසි ශල්‍යාගාර ඒකක දින 90 කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල සදහන් කර සිටයා.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිල දි ගැනිම, වියදම් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කර තිබෙනවා.

මිට අමතරව මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76 හිඟයක් පවතින බවත් තවද දේශීය ඖෂධ සැපයුම්කරුවන් ට රුපියල් බිලියන 33 හිඟ මුදල් ගෙවිමට ඇති බවද වැඩිදුරටත් අනාවරණය වුනා.

(Neth)