Friday, February 13, 2026
Follow Us
ගොවීන්ට ඉන්ධන ලබාදෙන්න විශේෂ වැඩපිළිවෙළක්

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් 217 මෙන්න


දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 217ක් මගින් ගොවීන්ට ඉන්ධන ලබාදීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේ එම ඉන්ධනහල් මඟින් ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

2022 යල කන්නය මේ වන විට ආරම්භ වී ඇති අතර, ගොවීන්ට සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව අමාත්‍යවරයා සදහන් කරයි.

එම නිසා යල කන්නයට අවශ්‍ය ඉන්ධන කඩිනමින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ඉන්ධන නිකුත් කිරීමේ පහසුකම සැලසීම සඳහා තෝරාගත් ඉන්ධනහල් 217ක නාමලේඛනයක් අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ.

ඒ යටතේ එම ඉන්ධනහල් ලැයිස්තුවට අදාළ ඉන්ධන අඛණ්ඩව නිකුත් කරන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නියෝගය පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 24 පස්වරුවේම විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව ගොවීන්ට තමන්ගේ කුඹුරුවල සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන ගොවිජන සේවා මධ්‍යස්ථානවල අනුමැතිය සහිත ලිපියක් ඉදිරිපත් කිරීම මඟින් අදාළ බලය ලත් ඉන්ධනහල්වලින් භාජනවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට අවස්ථාව හිමි‌ වේ.

සී සෑමට අවශ්‍ය ඉන්ධන වහාම අදාළ ඉන්ධනහල් මඟින් ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

අත්‍යාවශ්‍ය කෘෂිකර්ම සේවා සදහා ඉන්ධන නිකුත් කිරීමට තෝරාගත් පිරවුම්හල ලේඛනය පහතින්

Aruna