Friday, February 13, 2026
Follow Us
සිය ආයතනය නිකුත් කරන ජලය ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් සහතිකයක්

ජලය පිරිසිදු කරන රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් නළ ජලය පානයට සුදුසු තත්ත්වයකින් ලබා නොදෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි සහකාර සාමාන්‍යාධීකාරී රසායනාගාර සේවා - ජයලාල් විජේසිංහ පැවසුවේ ජලය පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල හිගයක් මේ මොහොතේ නොමැති බවයි. ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දෙන නළ ජලය ගුණාත්මකභාවය තහවුරු කළ පානයට සුදුසු ඒවා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

එබැවින් නළ ජලය උණුකර ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය නොවන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

 

(Neth)