Monday, September 28, 2026
Follow Us
State

මේ මස අවසන් වනවිට දැනට පවතින ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත සඳහන් කළේ ජූලි 31 වනදා වනවිට ගෑස් මෙට්ට්‍රික් ටොන් 33,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද අඛණ්ඩව නිකුත් කළ හැකි වනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

State

පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 08 වනදාත් 10 වනදාත් අතර මෙරටට ලගාවනු ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ අනුව රට තුළ පවතින පෙට්‍රල් හිගය යම්තාක් දුරකට සමනය වනු ඇති බවට විශ්වාස කරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

State

පෞද්ගලික බස් රථ සංගමය හදිසියේ තීරණයක් ගනී

State

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින්.

State

ගුවන් සමාගම් රැසක් ලංකාවට එන්න පස්ස ගහයි

State

විභාග දෙපාර්තමේන්තුව හදිසියේ ගත් තීරණය

State

ටෝකන් ක්‍රමය ජූනි මස 23 සහ 24 යන දිනයන් ට පමණයි

State

පිරවුම්හල් 93කට ඉන්ධන බෙදාහැරේ

State

ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ කඩිනමින් විදෙස් රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂිත පිරිස් වෙත කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

State

අහිමි පාසල් කාලයට කරන දේ ගැන නිවේදයක්

State

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 200ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

State

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. මගී ප්‍රවාහන සේවා දැඩි තර්ජනයකට ලක්ව ඇත්තේ ඩිසල් නොමැතිවීම හේතුවෙන්. ඒ හේතුවෙන් පෞද්ගලික බස් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් මේවනවිටත් ධාවනය වන්නේ නැහැ. එවන් පසුබිමක ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත්තේ දුම්රියෙන් සහ ලංගම බස්රථ වලින්.

State

ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

State

ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කළ බව එම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම එම අංශය විවෘතව පවතිනු ඇති.

State

මහා පරිමාණ මෝල් හිමියන් සතුව ඇති වී තොග පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකි වන පරිදි නව නීති ගෙන එන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ පවතින නීති වෙනස් කර වී තොග සගවා ගන්නා පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කළ හැකි පරිදි නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

State

ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමේ ක්‍රමවේදයක් ගෙන ඒම සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.

State

හමුදාවෙන් දොස්තරලට තෙල් දෙන්න කැමති වෙයි

State

අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා තැපැල්පති සුදානම් වෙයි