Thursday, February 12, 2026
Follow Us
කාර්යාල සේවා සැපයීමට පෞද්ගලික බස් පැමිණෙයි

පෞද්ගලික බස් රථ සංගමය හදිසියේ තීරණයක් ගනී


ඉදිරි සති දෙක තුළ කාර්යාල බස්රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

පවතින ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් විවිධ ආයතන විසින් සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත.

පෞද්ගලික බස් රථ සඳහා නියමිත පරිදි ඉන්ධන ලබාදෙන්නේ නම් වත්මන් බස් ගාස්තුවට වඩා අඩු මුදලකට එම කාර්යාල සේවාව සැපයීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාදෙන බවට ප්‍රකාශ කළද මේ දක්වාත් එම කටයුතු නිසි පරිදි සිදු නොවන බව පෙන්වා දෙන ඔහු සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මගීන් පත්වී ඇති දුෂ්කරතාව පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කනගාටුදායක තත්ත්වයක් බවයි.

Aruna