Friday, April 03, 2026
Follow Us
State

විදුලි කප්පාදු කාලසටහන මෙතනින්
අද (22) දින පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රී 10.30 අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්දි වේ.

විදුලිය කැපෙන කාලසටහන පහත දැක්වේ.

Aruna

State

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන මෙරට කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

මෙරටට පැමිණ සිටින ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සාකච්ජා ආරම්භ කර තිබෙනවා.

State

කඩදාසි හිඟය සහ ආනයන වියදම් ඉහළ යාම නිසා රාජ්‍ය වියදම් පහළට

State

බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

State

අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙන පාසල්වල සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිවසේ සිට නිරතවීමට අවස්ථාව සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ක්‍රම කිහිපයක් යටතේ ඊට එක්වීමට සිසුන්ට අවස්ථාව පවතින බවයි.

State

ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි

State

ඇමති හරීන් තැබූ විශේෂ ට්වටර් සටහන

State

ඉදිරි දින තුළ පෙට්‍රල් පෝලිම්වල රැදී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පවතින පෙට්‍රල් හිගය හමුවේ එම දිනවල පෙට්‍රල් තොග නිකුත් කරනු ලබන්නේ සීමා සහිතව බවයි අමාත්‍යවරයා 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

විදුලිය කැපෙන්නේ මෙහෙමයි

State

විදුලිබිල ඉහළ දමන ආකාරය තවත් දින තුනක් ඇතුළත තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 19 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලි ඒකක 30 ත් 60 ත් අතර භාවිත කරන අඩුආදායම්ලාභීන්ට අසාධාරණයක් නොවන පරිදි විදුලිබිල ඉහළ දමන බවයි.

State

ඛණිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලිබල සැපයීම, රෝහල් හා ඊට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්.

State

පෞද්ගලික අංශයේ සේවකයන්ටද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවා නිවසේ සිට වැඩ කළ හැකි සේවකයන්ට ඊට අදාල පහසුකම් සපයන ලෙසයි.

State

සතියට දවස් දෙකක් ඉන්ධන ලබාදෙන්න නව වැඩපිළිවෙලක්

State

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇති කර ගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කර යෝජිත වැඩසටහන ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

State

පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සඳහා සතියේ සෑම සිකුරාදා දිනයකදී ඉන්ධන ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ජාවෙන් පසු ක්‍රමවත් වැඩපිළිවලක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ප්‍රකාශ කර සිටිනවා.

State

විදුලි කප්පාදු වේලාව තවත් විනාඩි 15කින් දික් කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.