ඉදිරියේදී ඇතිවන බව කියන ආහාර අර්බුදයත් සමඟ බොහෝ දෙනෙකු මේ වන විට වගා කටයුතුවලට පෙළඹී සිටිනවා. තවත් පාර්ශවයකට දැන් ප්‍රශ්ණයක් වී ඇත්තේ වගා කිරීමට කැමැත්තක් ඇතත් ඊට ඉඩම් නොමැති වීමයි. ඊට විසදුමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.
ඉන්ධන අර්බුදය හමුවේ සිසුන් මෙන්ම ගුරුවරුන් පාසල් වෙත ප්‍රමාදවී පැමිණෙන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි තීන්දු නොගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී 08 ප්‍රකාශ කළා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රජය සතුව රුපියල් මිලියන 450 ක මුදලක් මේවනවිට පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අවම පිරිවැයක් යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා ගැනීමට මහජනතාවට අයිතිය ඇති බවත්, ඒ අයිතිය වෙනුවෙන් මහජනතාව සටන් කළ යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
පවතින දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සහල් හෝ වී හිඟයක් පැවතිය නොහැකි අතර පරිභෝජනයට අවශ්‍ය සහල් හා වී මෙරට තුළ පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකාවට මේ වනවිට කිසිදු පාර්ශ්වයකින් ණයට ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Ratata Hetak CSR programme today requested the speaker to take action to uplift the grade of the Sri Lanka Passport while enabling people to travel to at least 190 countries without a VISA.
දේශපාලන නායකත්වය යනු විශේෂඥයින් නොවන බැවින් ඔවුන් ගන්නා වැරදි තීන්දු වෙනස් කිරීම නිලධාරීන්ගේ වගකීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
පසුගිය කාලයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වෙළදපොලේ අලෙවි කිරීමට ඇති මත්පැන් වල නියදි ලබා ගෙන පරීක්ෂා කිරීමක් සිදුකරන ලදී. එහිදී හෙළිවූයේ පල්දන්වත්ත, මල්කඩුවාව, කුරුණෑගල ලිපිනයේ පිහිටා ඇති රෝයල් සිලෝන් ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම (කළින් වයඔ ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම ලෙස හදුන්වනු ලැබූ) හා සිනජි ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම විසින් පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන මත්පැන් වල Isopropanol හෙවත් Isopropyl අඩංගුව පැවැති බවයි. මෙම රසායනිකය නිවසේ භාණ්ඩ සෝදා ගැනීමට හා සනීපාරක්ෂක කටයුතු සදහා(වැසිකිලි පිරිසිදු කිරීම සදහා) භාවිතා කරනු ලබන රසායනිකයක් වන අතර එය මිනිස් ශරීරයට හානිකර දායක රසායනිකයකි.
Page 172 of 638