Thursday, February 12, 2026
Follow Us
මහා පරිමාණ මෝල් හිමියන් සතු වී තොග ගැන දැනගන්න නව නීති

මහා පරිමාණ මෝල් හිමියන් සතුව ඇති වී තොග පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකි වන පරිදි නව නීති ගෙන එන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ පවතින නීති වෙනස් කර වී තොග සගවා ගන්නා පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කළ හැකි පරිදි නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

මහා පරිමාණ මෝල් හිමියන් විසින් වෙළඳපලට වී නිකුත් කිරීමේදී සිදුකරන බාධාවන් ඉවත් කිරීමට අදාළ පියවර ගනිමින් ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා

රට තුළ ඉදිරියේදී මතුවිය හැකි ආහාර අර්බුදයක් සම්බන්ධයෙන් මේ වන විට කථාබහක් මතුව තිබෙනවා. එවන් පසුබිමක උද්ධමනය ද ඉකුත් මාසයේදී සියයට 54 සීමාව ද ඉක්මවා ගියා. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන තත්ත්වය වූයේ ආහාර කාණ්ඩයේ මිල සියයට 80 කින් ඉහළ යාමයි. ඒ අතරට සහල් ද අයත්.

Neth