Thursday, February 12, 2026
Follow Us
කොන්සියුලර් සේවා අංශය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණයක් ගනියි

ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කළ බව එම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම එම අංශය විවෘතව පවතිනු ඇති.

කොන්සියුලර් සේවා සඳහා පවතින විශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. යාපනය, මාතර, මහනුවර, ත්‍රීකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයයන්ද ලබන සතියේ සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

Neth