Thursday, February 12, 2026
Follow Us
ගෑස් ගන්නත් විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන ලකුණු

ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමේ ක්‍රමවේදයක් ගෙන ඒම සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ ගෑස් කළු කඩ මාෆියාව නතර කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව යම් පුද්ගලයෙකුට ගෑස් ලබාගැනීමට අවශ්‍ය නම් තම නිවසේ විදුලි බිල්පත ගැස් අලෙවි නියෝජිතයා වෙත ඉදිරිපත් කිරීම ඉදිරියේදී අනිවාර්යය වනු ඇති.

එලෙස විදුලි බිල්පත ඉදිරිපත් කර ගෑස් ලබාදීමෙන් පසු එම බිල්පතට ගෑස් සිලින්ඩරයක් නිකුත් කළ බවට වන මුද්‍රාවක් තැබීමටයි සැලසුම් කරමින් ඇත්තේ. මෙම ක්‍රමවේදය අධීක්ෂණය කිරීම සඳහා පොලීසියේ සහය ලබාගැනීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700 ක් ලබන 05 වනදා මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. එහි බෙදා හැරීමේ කටයුතු ලබන 07 වනදා ආරම්භ කිරීමටයි දැනට සැලසුම් කර ඇත්තේ. මෙලෙස 05 වනදා දිවයිනට පැමිණෙන්නේ මෙරටට ලැබීමට නියමිත ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයේ පළමු කොටසයි.

Neth