ගුවන් සමාගම් රැසක් ලංකාවට එන්න පස්ස ගහයි
ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනට පැමිණෙන විදේශීය ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම නතර කර තිබේ.
පවතින ගුවන් යානා ඉන්ධන තොග අවසන් වීමත් සමඟ (01) සිට ඉන්ධන ලබාදීම මෙලෙස අත්හිටවූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පවසයි
මේ හේතුවෙන් ඉන්ධන පුරවාගෙන දිවයිනට පැමිණෙන ලෙස මෙරටට ගුවන් ගමන් සිදුකරන ගුවන් සමාගම්වලට දැනුම්දීමක් සිදුකර තිබේ.
හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා ඉතා සුළු ගුවන් යානා ඉන්ධන සංචිතයක් පමණක් පවතින බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
ගුවන් යානා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අද දිනයේදීත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ජූලි 15 වැනිදාට පෙර අවශ්‍ය කරන ගුවන් යානා ඉන්ධන තොග ලබාදීමට ඊයේ(02) පැවති සාකච්ඡාවේ දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ බව ඔහු පැවසීය
ඉන්ධන ලබා ගැනීමේදී පවතින දුෂ්කරතා හේතුවෙන් ඇතැම් ගුවන් සමාගම්වල යානා දිවයිනට පියාසර කිරීම තවදුරටත් පහත දමා ඇති බව ගුවන් සමාගම් නියෝජිතයින් පවසයි.
Aruna