Thursday, February 12, 2026
Follow Us
පාස්පෝට් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ කඩිනමින් විදෙස් රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂිත පිරිස් වෙත කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

හැකි උපරිම අයුරින් ආයෝජන රට තුළට ලබාගැනීමට නව සැලැස්මක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්වල ඉහළපෙළේ විදේශීය නිලධාරීන්ට වසර 05 ක රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

Neth