Thursday, February 12, 2026
Follow Us
අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න රුපියල් බිලියන 200ක් වෙන් කෙරේ

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 200ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දිවයින පුරා සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා, එක් පවුලකට රුපියල් 7,500 සිට 10,000 දක්වා මුදලක් වෙන් කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

LNW