The All Ceylon Makkal Congress (ACMC) hailed the decision by Sri Lanka’s leading Tamil coalition to back New Democratic Front (NDF) candidate Sajit Premadasa in the forthcoming Presidential election.
රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට තමන් ජනපති වී මාස දෙකක් තුළ රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අභ්‍යන්තර බාහිර බේදයකින් තොරව සියලු උපාධිධාරීන්ට රැකියා පත්වීම් ලබාදෙන බවත් මේවා පොරොන්දු වලට සීමා වන ප්‍රකාශ නොවන බවත් ඒ මහතා කීය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ගම්පොළ නගරයේ පැවැති ජන රැළියකදී ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හමුවේ මෙම තීන්දුව අද (03) ගනු ලැබූ බවයි වව්නියාවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේ.
Tamil National Alliance (TNA) has pledged its support to New Democratic Front Presidential candidate Sajith Premadasa although a formal announcement has not yet been made, leader of the alliance R Sampanthan said.
ආරක්ෂාව තහවුරු කරන ආකාරයට , මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර , විශේෂයෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් තුලින් රැකියාවල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් මේ වනවිට වවුනියාවේදී පැවැත්වෙයි.
Joint Opposition MP Mahinda Samarasinghe claimed today that presidential hopeful Sajith Premadasa has not used the term ‘unitary state’ in his election manifesto.
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, එතෙර අපි සහ සයිප්‍රස් සේවක හමුවට (03) කොළඹදී එක්වෙමින්.
ලබන සතිය වන විට දේහපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදු විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජායාරුපයක් ප්‍රදර්ශනය කරමින් වතුකරයේ බංකොලොත් දේශාපලඥයින් වතුකරයේ ජනතාවගේ ජන්දය හංසයා ලකුණට ලබා ගැනිමේ උත්සහයක නිරතව සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේ්‍ශපාලන පක්ෂ 17 කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිලධාරි මණ්ඩලය පත් කිරීම ලබන 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයෙන් පසුව සිදුකෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අතර සහයෝගිතා ගිවිසුමකට එළඹුනා. මෙම සුළු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මිට පෙර සන්ධාන ගතවී සිටියා.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළේ කිසිදු කොන්දේසියක් මත නොව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සලකා බැලීමෙන් අනතුරුව බවත් ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.
New Democratic Front (NDF) presidential candidate Sajith Premadasa said he had written to Sri Lanka Podujana Peramuna presidential candidate Gotabaya Rajapaksa challenging to a presidential debate.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ සහාය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලැබුණද, ඉන් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂය පෙන්වාදෙන්නේ දෙමළ ජාතික සන්ධානය කෙරෙහි උතුරේ දෙමළ වැසියන්ගේ ප්‍රසාදය මේවනවිට ගිලිහී ඇති බවයි.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උතුරේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සමග රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජනතා අපේක්ෂා ඉටු නොකළ බැවින් 2015 පත්වූ වත්මන් ආණ්ඩුව පළවා හැරිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Page 467 of 552