වර්තමාන ආණ්ඩුවට දිනෙන් දින ඇති වූ අර්බුද නිරාකරණය කර ගැනීමට නොහැකි වූයේ ජනාධිපති සහ අගමැති අතර අන්‍යොන්‍ය අවබෝදයක් නොතිබීම නිසාවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වසර තිහක් පැවති ත්‍රස්තවාදී යුද්ධය වසර තුනහමාරක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කොට රට වේගවත් සංවර්ධණයකට ගෙනයාමට හැකි වූයේ එවකට ආරක්ෂක ලේකම් සහ තමා අතර තිබූ සහෝදර බැඳීම නිසා බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද(13) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයා නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාණාවේ සාමාජිකයින් හමු වූ අවස්ථාවේදීය.
ඉදිරි දින කිහිපය තුළදී පිහිටුවනු ලබන රජයක් යටතේ විධායකයන්, ව්‍යාවස්තාදායකයන් අතර කිසිදු ගැටළුවක් ඇතිවීමට ඉඩක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
(Lanka Leads)