Wednesday, July 09, 2025
Follow Us
සජිත්-ගෝඨා පාන්දරම ඡන්දය දමයි…

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයින් දෙදෙනෙකු මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අද(16) උදෑසන 08.00ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජානාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම වීරවිල සුරනිමල ප්‍රාථමික විදුහලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරු 7.15ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමානයන්ට අනුව අපේක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේ දර්ශන හා ඡායාරූප පස්වරු 5ට පෙර පළ කිරීමට හැකියාවක් නොමැති අතර අප එම දර්ශන සහ ඡායාරූප පළ කරනු ලබන්නේ පස්වරු 5න් පසුවයි.

(Lanka Leads)