ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ තනතුරු රැසක් වෙනස් වීමට ඉඩ ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය.
ජනාධිපතිවරණයෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළද පරාජයට පත්වුවද එම පක්ෂයේ තනතුරුවල වෙනස්වීම් සිදුවීමට නියමිත බව ඔහු පැවසීය.
පක්ෂයේ ප්‍රතිසංවිධානය යටතේ දැනට තනතුරු හොබවන බොහොමයකට තනතුරු අහිමි වීමට ඉඩ ඇති බැවින්, නවකයන් රැසකට තනතුරු හිමිවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයේ පවතින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමටද සැලසුම් කර ඇත. දැනට එහි සාමාජිකයන් 96ක් පමණ සිටින අතර, නව පත්කිරීම් සමග එය 120 දක්වා වැඩිවනු ඇති බව වාර්තා වේ.
Aruna