ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා වෙන්වී ඇති අවසන් දිනය වන අද (13) දිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනරැළි රැසකට සහභාගීවීමට නියමිතව තිබෙනවා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද, තිස්සමහාරාම, මාතර, ගාල්ල, කලුතර සහ හෝමාගම යන නගරවල ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදීයි.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද මොණරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කලුතර යන නගරවල පැවැත්වෙන ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය මරදාන ටවර් රගහල අසලදී පැවැත්වෙන බවයි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී තිස්ස අත්තනායක පැවසුවේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහභාගී වන අවසන් මහා රැළිය මහරගමදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ සිය ජනරැළි මාලාව ඉතා සාර්ථක ඡන්ද ව්‍යාපාරයක් බවට පත් වූ බවයි.
(Neth)