ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු වහාම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබාදීමට ගත් තීරණයත් සමඟ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් තාවකාලිකව ඉවත් වූ අතර නැවතත් ජනාධිපතිවරණයෙන් පසු පක්‍ෂයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයිද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි කටයුතු සිදුකරනු ඇති බවද වැඩබලන සභාපතිවරයා පැවසීය.
(Lanka Leads)