Wednesday, February 18, 2026
Follow Us
බදු සහන යටතේ වාහනයක් ගෙන්වීමට අවස්ථාව දෙන හැටි ගෝඨාභය පැහැදිළි කරයි

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ට බදු සහන යටතේ වාහනයක් ගෙන්වීමට අවස්ථාව සලසා දෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

දංකොටුව ප‍්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද, තිස්සමහාරාම, මාතර, ගාල්ල, කලුතර සහ හෝමාගම යන නගරවල ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදීයි.

(Neth)