2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද මේ වන විට සිට ඡන්දය ප්‍රකාශ කර ඇත.
පංචිකාවත්ත සයිකෝජි පෙර පාසල් පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකළ බවයි වාර්තාවේ.
මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුවන් රැසක් සිය ඡන්දය භාවිත කර ඇත.
(Lanka Leads)