Wednesday, July 09, 2025
Follow Us
මහින්දගේ පණිවිඩයක් රැගෙන නාමල් එජාප මන්ත්‍රිවරු හමුවෙති…අලුත් ආණ්ඩුවට සහාය දෙන්න එකඟ වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තවත් පස් දෙනෙකු සමග විශේෂ සාකච්ඡාවක් 13 සවස පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඇති අතර ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක්ව ඇත.
ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන නව ආණ්ඩුවකට සහයෝගය දීම සඳහා මෙම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කැමැත්ත පළ කර ඇති අතර ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවී සහයෝගය දීමට ද එකඟතාව පළ කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා කොළඹ බලා පැමිණ ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි පණිවුඩයක් එම පිරිස වෙත ලබා දීමට බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පෙරේදා දිනයේදීද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී රාජපක්‍ෂ ප‍්‍රබලයෙකු හමුවී නව ආණ්ඩුවට සහයෝගය කිරීමට එකඟතාවය පළකර ඇත.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 10 දෙනෙකු මේ සතියේ පොහොට්ටුව හා එක්වන බව සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණි.

(Lanka Leads)