අරගලකරුවන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අනුගමනය කළේ නම් වත්මන් අද රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය උදා නොවීමට ඉඩ තිබූ බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
කංසා අපනයනය නීතිගත කර මෙරටට විශාල වශයෙන් ඩොලර් ගෙන ඒමට හැකියාව පවතින බව අද දිනයේ දිවුරුම් දුන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එහි නායකයින් කටයුතු කරමින් සිටියත් තමන්ව ජනතාව අතරින් ඉවත් කිරීමට ඔවුන්ට කිසිසේත්ම නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 වසරෙන් පසු දිගින් දිගටම ඉතාම මෝඩ තීරණ ගෙන ඇති බවත් උද්ධච්ඡකම නිසා එම මෝඩ තීරණ මත පිහිටා දිගටම කටයුතු කිරීමට යාමෙන් විශාල හානි කරගෙන ඇති බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.
රාජපක්ෂ පවුලේ බල දේශපාලනය අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණා නම් නාමල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ, ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහායි.
ආන්දෝලනයට තුඩුදී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශේෂ විඝණනයක් වහාම සිදුකරන ලෙස විඝණකාධිපතිවරයාට තමන් දැනුම්දෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට හිමි රුපියල් ලක්ෂ 02 ක වෛද්‍ය රක්ෂණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුව ගෘහ්‍ය කාරක සභාව වෙත මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි අනාවරණය වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇතිවූ ගිවිසුම ඉදිරිපත් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා තමන්ට දැනුම්දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට හා එහි දේපළවලට පහරදී අලාභහානි කර දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Says President has appointed those responsible for economic crisis and 9 May attack on protestors
Claims President has reduced SLFP to its sign board
Asks Govt. to ask for support if needed instead of resorting to appointing unsuitable persons
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ඊයේ සිදු කෙරිණි. මේ වනවිටත් ඇමතිවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
අලුතින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සේවය කරන්නේ මන්ත්‍රී වැටුප ලබමින් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ අවස්ථාවේ නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් වෙනදාටත් වැඩිය රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්ෂේත්‍රයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Page 118 of 554