පාන් රාත්තලක මිල රුපියල් 300 ක් දක්වා වැඩි කරනවාද නැද්ද යන්න හෙට දිනයේදී තීරණය කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ වෙළඳ අමාත්‍යවරයා සමග හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නව සන්ධානය එළි දැක්වීම අද සිදුවනවා. එම සන්ධානයේ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේවෙතත් නව සන්ධානයේ නම හා එහි නායකයා කවුද යන්න අද ප්‍රකාශයට පත් කරන බවයි ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
Claiming that the state institutions are running at huge loss due to decisions taken by politicians, National People's Power (NPP) MP Anura Kumara Dissanayake said today that those who were responsible for plunging the state institutions into loss making entities, should be dealt with before privatising them.
ජාතික දේශපාලනයේ නිරත වන තැනැත්තන්ට ද විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් නිර්දේශ කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. එමෙන්ම දේශපාලනයේ නිරත වන ඔවුන්ට අවම අධ්‍යාපන සුදුසුකමක් ද නිර්දේශ කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ.
පාලක පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වෙමින් විපක්ෂයට එක් වූ ඩලස් අලහප්පරෙුම මහතා ඇතුළු කණ්ඩායම සිය දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා අද නව කාර්යාලයක් ආරම්භ කළේය. නිදහස ජනතා සභාව නමින් ඔවුන් සිය නව දේශපාලන ගමන ආරම්භ කර තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පිවිසිය ද එය සමගි ජනබලවේගයට අභියෝගයක් නොවන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඊයේ (02) පැවති 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබිණි.
රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැයෙන් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති දිශානතිය සමග තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් තමන් අයවැයට විරුද්ධ නොවුණේ ඒ නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව ඇකඩමිය ආරම්භ කිරීම ඊයේ (03) කොළඹදී එම පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
යළි ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන්නේද යන්න පිළිබඳව මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධුරයට පත් වන්නේ නම් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේ අනුව ඔහු නැවතත් දේශපාලනයට අවතීර්ණ වනු ඇතැයි තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ආණ්ඩුව අත්සන් තැබූ ගිවිසුමේ කොන්දේසි වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත්සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
රටේ ආර්ථික ප්‍රශ්ණ විසදීමට වගකිව යුතු පාර්ශව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීම පැහැර හරිමින් බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.
Page 118 of 551