හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් පනත යටතේ ගොනු කර තිබෙන නඩුවක් ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා නොවැම්බර් මස 30 වන දා කැදවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ඡන්දදායකයන්ට ඉතා හොඳින් කළගුණ සලකන බව පොදුජන පෙරමුණේ ඩලස් පාර්ශ්වයේ සාමාජික ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
Says Rajapaksas caused economic crisis
Calls on President to take legal action against them
Adds those who gave incorrect directives must also be held responsible
තමන් එදා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සෘජුව තීරණ ගනිද්දී බොහෝදෙනා තමාට විවේචන එල්ල කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. තරග පරදිද්දී අලුත් නායකයෙකු නම් කරන විට, අලුත් ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන එනවිට, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව දැඩි තීරණ ගන්නා විට තමන්ට චෝදනා, විවේචන රැසක් එල්ල වූ බවත්, කෙසේ නමුත් ඒ සියල්ල විඳදරා ගනිමින් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් පසුවත් ඔහු වෙත ලබාදීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.
Alleges UN focus on Lankan economic crimes display severity of home-grown crisis
President a puppet; proclamations on fighting corruption but no action
No response to Parliamentary Committee on perpetrators of economic crime
Questions appointment of 38 State Ministers and strain on public funds
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථක ගැටළු විසදා ගැනිම සදහා අමෙරිකාවේ සහයෝගය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ එලෙස යම් මුදල් ආධාරයක් ලැබුණත් ඒවා අවභාවිතාවීමේ විශාල ඉඩකඩක් පවතින බවට අමෙරිකාව ද ප්‍රකාශ කර ඇති බවයි.
Former minister Wimal Weerawansa said that most stupid politicians think that the Geneva Human Rights Council is the place that serves justice to human rights issues.
මෙරටට සහල් ආනයනය කර ඇත්තේ සත්ව පරිභෝජනයට නොව මිනිස් පරිභෝජනයට පමණක් බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා ප්‍රකාශ කළේ මෙරටට ආනයනය කර ඇති සහල් තොග වඩාත් සුදුසු වන්නේ සත්ත්ව පරිභෝජනය සදහා බවයි.
රාජ්‍ය ඇමතිවරුන් සිය තනතුරු බාර ගත්තේ කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාදයක් නොමැතිව බව ප්‍රකාශ කළද රාජ්‍ය ඇමතිවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව මේ වනවිට හෙලිදරව් වී තිබෙනවා. මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප පමණක් රාජ්‍ය ඇමතිවරුන්ට හිමිවන අතර කෙසේ නමුත් වාහන, පෞද්ගලික කාර්ය මණ්ඩලය, ඉන්ධන ඇතුළු වෙනත් සියලුම දීමනා ඔවුන්ට හිමි වේ.
ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වන බලපෑම් පරාජය කිරීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එනිසා සියලු දේශපාලන වාදබේද ඉවත දමා සියලු දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර හෝ තනතුරු ලබානොගනු ඇතැයි ස්ථිරවම ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පස් දෙනෙකු පිළිබඳ පමණක් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව දැන් පක්ෂය විවේචනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව සුදුසු වේලාවේදී උත්තර ලබාදෙනු ඇති බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
ක්‍රීඩා ක්ෂේත්‍රය උන්නතිය සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කැඳවා තිබිණි.
2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එජාප පාක්ෂිකයෙකු වෙඩිතබා ඝාතනය කළ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අද රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන චොකා මල්ලි නොහොත් ප්‍රේමලාල් ජයසේකර මහතාටයි.
Page 117 of 556