Saturday, January 31, 2026
Follow Us
මල්ෂා කුමාරතුංග මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ?

සමාජ මාධ්‍යය කැළඹූ පුවතෙහි ඇත්ත මෙන්න


තම මෝටර් රථයේ මත්ද්‍රව්‍ය ගෙන යාම නිසා බොරලැස්ගමුවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත අසත්‍ය බව මල්ෂා කුමාරතුංග පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමබින් ඇය මේ බව සඳහන් කළේය.

“මගේ මෝටර්රථයේ මත්ද්‍රව්‍ය ගෙනයාම නිසා බොරලැස්ගමුවේ දී අත්තඩංගුවට පත් වූ බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන අසත්‍ය සහ පදනම්විරහිත චෝදනා මම තදින්ම සහ ඉතා දැඩි සේ ප්‍රතික්ෂේප කරමි.

එවැනි ද්වේශසහගත අසත්‍යයක් පැතිරවීමට හේතුව කුමක්දැයි මා නොදන්නාමුත්, මින් පෙර දේශපාලනයේ නියැලුණු පුද්ගලයෙකු වීම නිසාවෙන් එවැනි චෝදනා එල්ල වීමට ඉඩ ඇති බව ද මට පැහැදිලිව වැටහේ.

මට එරෙහිව එවැනි අත්තඩංගුවට ගැනීමක් සිදුනොකළ බව හෝ වෙන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව පොලීසිය විසින් ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. මා විසින් එම විනාශකාරී බොරුව සමාජ මාධ්‍ය තුළ මුලින්ම ප්‍රචාරය කළ පුද්ගලයාට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.

මෙවැනි චෝදනා නිසා පුද්ගලයෙකුට ඇති වන වේදනාව සහ නැවත හැරවිය නොහැකි හානිය අතිශය දරුණු ය.

WhatsApp හරහා යවන පණිවිඩ සහ ඕපාදූපවලට තටු දෙන ආකාරයේ ප්‍රචාර නොකරන මෙන් මම ජනමාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටිමි. මාධ්‍යවේදීන් සහ ඔවුන් ඉටුකරන අසීරු කර්තව්‍යය ගැන මා තුළ ඇත්තේ අතිශයින්ම ගෞරවනීය හැඟීමකි. කෙසේ වුවද, බොරුවක් මත පදනම්ව මානසිකව වේදනාව දනවන ආකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම නිසා එම ගෞරවනීය වෘත්‍තිය කෙලෙසෙන බව ද, එවැනි ප්‍රවෘත්ති සඳහා ආවරණය ලබාදෙන මාධ්‍ය ආයතනවල විශ්වසනීයත්වයට ඉන් හානි වන බව ද සටහන් කළ යුතුම ය.”

Aruna